ඉන්ධන ප්‍රශ්ණේ හෙට විසදනවා - QR කේතය අමාරු නිසයි අංක තහඩුවට තෙල් දෙන්නේ - ඇමති බිමල්ගෙන් පැහැදිලි කිරීමක්

Report

අද දින (19) රැස්වූ පාර්ලිමේන්තුවේදී ඉන්ධන ලබාගැනීමට QR කේතය භාවිතය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළු කිහිපයකට මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නේය,.

එහිදී ඔහු පවසා සිටියේ ඉන්ධන QR කේතය ලබාගැනීමේ දී අපහසුතාවයට පත්ව සිටින පිරිසට අද (19) දිනය තුළ විසඳුම් ලබාගත හැකි වනු ඇති අතර, හෙට (20) දිනය වනවිට ඒ සම්බන්ධයෙන් ගැටලු සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇති බවයි.

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඇතැම් දිස්ත්‍රික්කවල සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය මෙන් දෙගුණයක් වාර්තා වී ඇති බවත් පරණ වාහනයක් හිමි අලුත් දුරකථන අංකයක් ඇති පිරිසට සහ දුරකථන අංකය පරණ අලුත් වාහනයක් තිබෙන පිරිසට තවමත් QR කේතය ලබාගැනීමට නොහැකිව ඇති බවත් එම පිරිසට ඇති බාධාව අද දිනයේ විසඳිය හැකි බවත්ය.

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

එමෙන්ම පරණ වාහනයක් සහ පරණ දුරකථන අංකයක් හිමි පිරිසට මෙන්ම අලුත් වාහනයක් සහ අලුත් දුරකථන අංකයන් ඇති පිරිසට ගැටලු මතුව නොමැති බවත් 2023 වසරේ දී QR යටතේ පුද්ගලයින් ලක්ෂ 70ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඔහු පවසා සිටියේය.

2026 මෙම වසරේ දී එම ප්‍රමාණය ලක්ෂ 72ක් පමණ වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වනවිට QR කේතය යටතේ පුද්ගලයින් ලක්ෂ 55ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.එමෙන්ම පරණ දත්ත පද්ධතියේ තිබූ ලක්ෂ 27ක දත්ත එකින්එකට මකා දැමූ බවත්, ඒ සඳහා දින දෙකක පමණ කාලයක් ගතවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

"සමහර ෂෙඩ් තියෙනවා සාමාන්‍ය අලෙවිය වගේ දෙකහමාර ගුණයක් අලෙවි කරනවා. එච්චර පහසුකම් නෑ ෂෙඩ්වලට ගබඩා කරන්නත් එච්චර පහසුකම් නෑ තෙල් බවුසර්වලට ගෙනිහින් දෙන්නත් ඒ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා තමන් විසින් පීඩාවට පත්වෙන්න එපා. දැන් මේ QR කේතය ආවට පස්සේ මම හිතනවා, මේ ප්‍රශ්නය හෙට උදේ ඉඳලා සම්පූර්ණයෙන් විසඳෙයි කියලා. අපි ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දුන්නෙත් මේ අනවශ්‍ය පීඩනය නිසා. එහෙම නැත්නම් QR එකට මේක මැනේජ් කරන්න පුළුවන්. ඔත්තේ ඉරට්ටේ දෙද්දි නම්බර් ප්ලේට් නිකුත් කරපු වාහන ප්‍රමාණයක් තියෙනවා ටෙන්ඩර් මඟඩි නිසා කලින් කාලවල වෙච්චි. නම්බර් ප්ලේට් නැති අයට තෙල් ගහගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් සතුව තියෙනවා වාහනයේ ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, වාහනයේ පොත සහ ඉන්ෂුවරන්ස් එක. මේ 4ම තියෙනවා වාහනේ අංකය. මේ හතරම උස්සන් යන්න ඕනේ නෑ. ඒ එකක් තිබුණහම තෙල් ගහගන්න පුළුවන්. හෙටින් පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ, වංචනික කටයුතු කරන අය ගැන කටයුතු කරාවී අදාළ අමාත්‍යාංශය."

මේ අයට ඉන්ධන සහන - දවස් 5කට ලීටර් 25ක් ලබාදීමේ සූදානමක්

මේ අයට ඉන්ධන සහන - දවස් 5කට ලීටර් 25ක් ලබාදීමේ සූදානමක්

මාර්තු අග හෝ අප්‍රේල් මුල තෙල් මිල ඉහළට - දැන් මිලෙන් 10% වැඩිවෙන ලකුණු

මාර්තු අග හෝ අප්‍රේල් මුල තෙල් මිල ඉහළට - දැන් මිලෙන් 10% වැඩිවෙන ලකුණු