QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

Report

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය ලබාගැනීම සඳහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව, පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට සහාය ලබාගත හැක.076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය ටයිප් කර යොමුකරන්න. (වාහන අංකය ඡායාරූපයක් ලෙස නොඑවිය යුතු බව සලකන්න).

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

ඒ සමඟ පහත සඳහන් ලේඛනවල පැහැදිලි ඡායාරූප එම අංකයටම යොමු කරන්න:

  • ජාතික හැඳුනුම්පත (NIC) / රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු ආදායම් බලපත්‍රය (Vehicle License)
  • වාහන ලියාපදිංචි සහතිකය (CR)

ඉන්ධන කෝටා නිකුත් කිරීම සඳහා අවශ්‍ය QR කේතය ලබා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයින් සඳහා මෙම නව WhatsApp අංකයක් හඳුන්වා දී ඇත.

එමෙන්ම ඉන්ධන QR කේත ගැටළු සම්බන්ධ පැමිණිලි දැන් WhatsApp හරහා ඉදිරිපත් කළ හැකි බව බලධාරීන් පවසයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී වාහන අංකය පැහැදිලිව සඳහන් කළ යුතු බවයි.

මේ අයට ඉන්ධන සහන - දවස් 5කට ලීටර් 25ක් ලබාදීමේ සූදානමක්

මේ අයට ඉන්ධන සහන - දවස් 5කට ලීටර් 25ක් ලබාදීමේ සූදානමක්

ඉන්ධන QR කේත සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම තවදුරටත් පහසු කිරීම සඳහා අද දින පසුව අතිරේක WhatsApp අංක කිහිපයක් හඳුන්වා දෙන බව රත්නායක මහතා පැවසීය.

රජයේ තොරතුරු මධ්‍යස්ථානයේ පැමිණිලි ලියාපදිංචි කිරීමේ ද්වාරය හරහා මහජනතාව නව WhatsApp අංකයකට හරවා යැවිය හැකි බව ද ඔහු පැවසීය.

ඉන්ධන කෝටා ලබා ගැනීමේදී වාහන හිමියන් මුහුණ දෙන QR කේත ආශ්‍රිත ගැටළු විසඳීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙම නව පියවරයන්ගේ අරමුණයි.

 ඒ සදහා පහත සබැදිය ක්ලික් කරන්න.

https://gic.gov.lk/complain-registration.html.

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි