ලංකාවෙන් බිට්කොයින් වලටත් VAT බද්දක් - හිටපු ඇමති පාඨලී
බ්ලොග් චේන් තාක්ෂණය සහ ක‍්‍රිප්ටො කරන්සි සදහා වැට් බදු පැනවූ ලෝකයේ පළමු රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්වුණු ඇති බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරනවා.
හෙතෙම කියා සිටින්නේ ක්‍රිප්ටො කරන්සි හා බ්ලොග් චේන් තාක්ෂණය සඳහා බදු පැනවීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බවත් ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි අංශයට පවා එය කල නොහැක්කක් බවත්ය.
නමුත් ක‍්‍රිප්ටො මුදල් වලින් සිදු කරන ගෙවීම් සදහා යම් බද්දක් පැනවීමට හැකිවාය ඇතත් ඒ සදහා ගෙවීම් ලබන පාර්ශවයේද සහායක් අවශ්‍ය වනු ඇති බවත් හෙතෙම පවසනවා.
නමුත් වර්තමාන ආණ්ඩුවේ ඉතා ඉහල සබුද්ධිමතුන් රාශියක් සිටින නිසා එවන් දෙයක් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් සුළු කොට නොසිතන බවද හෙතෙම පැවසුවේය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ක‍්‍රිප්ටෝ හා බ්ලොක්චේන් තාක්ෂණය සමඟ ගැටුමකට නොයා යම් ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ එම ගනුදෙනු නියාමනය කිරීමේ ඇති නොහැකියාව නිසා බවද හිටපු අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.
