ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක මිල 100%කින් ඉහළ යයි..රටටම සුබ ආරංචියක්.!!

By Aruna Jul 29, 2022 06:00 AM GMT
Report

ඩොලරයේ මිල ඉහළ යාමේ වාසිය තේ ගොවීන් තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා පැවසුවේ, මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි.

මීට මාස කිහිපයකට පෙර තේ දලු කිලෝ එකක මිල රුපියල් 100 ත් 130 ත් පැවති බව ඔහු පැවසීය.

එහෙත් මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now