මෙරටින් අපනයනය කරන තේවලට විශේෂ බලපත්‍ර ගාස්තුවක්..

Report

අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් සඳහා ම රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබෙනවා.

තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ.

2023 තේ අපනයන බදු සහ පාලන නියෝග ලෙස මෙම බලපත්‍ර ගාස්තුව ගැසට් මඟින් ද ප්‍රකාශයට පත් කර ඇති අතර සෑම ලියාපදිංචි තේ අපනයනකරුවෙකු විසින්ම අදාළ ගාස්තු ගෙවීම සිදුකළ යුතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වාදෙන්නේ, අපනයන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් මෙම බලපත්‍ර ගාස්තුව අපනයනකරුවෙකුට යළි ලබාගැනීමේ අවස්ථාව ද හිමි වන බවයි.

එමෙන්ම තේ අපනයනයේ දී අය කරනු ලබන මෙම බලපත්‍ර ගාස්තුව තේ මණ්ඩල පනත යටතේ පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදල වෙත බැර කිරීම සිදුකළ යුතුවේ.