ශ්‍රී ලංකා පිලිට අවසන් පුර්ව වටයට පිවිසිය හැකියි.. පුලුවන් විදිය මෙන්න..

Sri Lanka Cricket team England cricket team Australia cricket team Western province cricket team
By Aruna Nov 02, 2021 02:20 AM GMT
Aruna

Aruna

Report

Super 12 හි පිට පිට තරග තුනක් පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාවක් ඇති අතර, එය සිදුවිය හැක්කේ ගණිතමය වශයෙන් ය.

එය එසේ සිදුවීමට ශ්‍රී ලංකා පිලට ආශ්චර්යයක් සිදුවිය යුතුය. න්‍යායාත්මකව බලන කළ ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයට පිවිසීමට නම් දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද සහිතව A කාණ්ඩයේ ඉතිරි තරග අවසන් විය යුත්තේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාව ද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විශාල ජයග්‍රහණයක් ලබා ගත යුතුය.

එමෙන්ම එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර වන තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇත.

කෙසේ වුවත් මෙම තරගයේදී එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව දරුණු ලෙස පරාජය වීම ශ්‍රී ලංකාවේ ඉදිරියට තීරණය කිරීමට අත්‍යාවශ්‍ය සාධකයක් වනු ඇත.

මිට අමතරව A කාණ්ඩයේ ඉතිරි තරගවල තීරණය මෙසේ විය යුතුය :

* S Africa Vs Bangladesh : බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුය.

* Aus Vs Bangladesh: බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුය.

*West Indies Vs SL : ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි.

*Australia Vs West Indies : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි.

*එංගලන්තය Vs S Africa : එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි.

මෙම තත්ත්වය තුළ එංගලන්තය ජයග්‍රහණ 5ක් සමඟින් ප්‍රසාද ලකුණු 10ක් ලබා A කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර අනෙක් සියලුම කණ්ඩායම් ජයග්‍රහණ 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා අවසන් වේ.

ශ්‍රී ලංකාවට ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනෙක් කණ්ඩායම් හතරටම ඉහළින් ලබා ගත හැකි නම්, ඔවුන්ට 2 වන කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.

ප්‍රායෝගිකව එය කළ නොහැකි තරම් දෙයක් වුවද, එය එසේ සිදුවුවහොත් ප්‍රාතිහාර්යයක්ම වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Sri Lanka


ReeCha