රජයේ පාසල්වල ගුරු සහ විදුහල්පතිවරුන් වැඩ වර්ජනය කරයි - පාසල් පැවැත්වීමට කුමක් සිදු වෙයි ද..?

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 23, 2022 01:10 AM GMT
krishani

krishani

Report

ලබන සඳුදා දිනයේදී(25) මෙරට රාජ්‍ය පාසල්වල ගුරු සහ විදුහල්පතිවරුන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර තිබෙනවා.

ඒ, රට තුළ මතුව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුධයට ඉක්මන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

පවතින තත්වය හමුවේ පාසල් වෙත පැමිණීමේදී ආර්ථික සහ ප්‍රවාහන ගැටලු රැසකට පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

එම තත්වයට විසඳුමක් ලෙස පාසල් දරුවන්ගේ නිවසට ආසන්නයෙන්ම ඇති පාසලෙන් ඔවුන්ට අධ්‍යාපනය හැදෑරිමටත්, ගුරුවරුන්ද තම පදිංචි ස්ථානයට ආසන්නයෙන් ඇති පාසල් වෙත අනුයුක්ත කරන ලෙසටත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැත් එයද බළධාරීන් ප්‍රතික්ශේප කර ඇති බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළේ.

ඒ හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා හමුවේ සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා ලබන සදුදා දිනයේදී සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ගුරු සහ විදුහල්පතිවරුන් වැඩ වර්ජනයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අධ්‍යාපන ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha