නවකවදය දුන්න අයට නියම වැඩේ - මෙහෙම තමා වෙන්න ඕනේ

Report

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම් කිරීම සිදුකළ බවය.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කළ බව සඳහන්ය.

මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

මාලිමාව ඩීල් යනවා එයාලට බුද්ධිය අඩුයි - නිර්මාල් රංජිත් දේවසිරි

තෙවන සහ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22කුට මෙම පංති තහනම සිදුකර තිබේ.

නවකවධය ලබාදීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර නවකවධය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පියවර ගෙන තිබේ.