රන්ජා බේරා ගැනීමට විසල් අරගලයක්!!!සජිත් පෙරමුණ ගනී (PHOTOS & VIDEO)

#sri lanka sinhala news#sri lanka tamil news#sri lankan news#Ranjan Ramanayake#sajith premadasa#Sri Lanka Unity Force#A great struggle#
By krishani Jan 03, 2022 07:04 AM GMT
krishani

krishani

Report

දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා , කණගාටුවට කරුණ වන්නේ අද වනතුරු එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම යැයිද පැවසීය.

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (03) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකතුමා මේ අදහස් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now




GalleryGalleryGallery