ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී
එක්සත් ජනපදයේ ලාස් වේගාස්හිදී පැවති 41වන ලෝක විවාහක රූ රැජින (Mrs. World 2025) තරගයේ කිරුළ හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ තරගකාරිය සමත් වූවාය.
මෙම තරගය මෙරට වේලාව අනුව අද (30) පෙරවරුවේ අවසන් විය.
ශ්‍රී ලංකාව නියෝඅජනය කරමින් සහභාගී වූ සබීනා තෝර්සන් යූසෆ් (Sabina T. Yousaf) අවසන් තුන් දෙනා අතරට පැමිණීමට සමත් වූ අතර, ඇයට තෙවන ස්ථානය හිමි විය. තරගයේ දෙවන ස්ථානය තායිලන්තයේ තරගකාරියට හිමි වූ බව වාර්තා වේ.

ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක විවාහක රූ රැජිනියන් මෙම තරගයට එක්ව සිටියහ. සබීනා යූසෆ්, ශ්‍රී ලංකාවේ සහ ඩෙන්මාර්කයේ ද්විත්ව පුරවැසිභාවය දරන වයස අවුරුදු 25ක ව්‍යවසායකයෙකි. ඇය මෑතකදී Mrs. Sri Lanka World 2025 ලෙස කිරුළ පැළඳ සිටි අතර, ලාංකික රූපලාවන්‍ය තරගාවලි ඉතිහාසයේ 2025 වසරේදී ලබා ගත් ඉහළම ස්ථානය මෙය බවට පත්ව ඇත.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය හා දැක්ම නියෝජනය කරන බවත්, රටේ බලාපොරොත්තුව ඉහළට නංවා ඇති බවත් සබීනාගේ සාර්ථකත්වය සමඟ සම්බන්ධ ප්‍රකාශවලින් පැහැදිලි වේ. ඇයගේ ජයග්‍රහණයට ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතාගේ කණ්ඩායම ඇතුළු බොහෝ දෙනෙකුගේ සහයෝගය හා පුහුණුව ලැබුණි.
