වැසි තත්ත්වයේ අඩුවීමක් - ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට

Report

පසුගිය දින කිහිපය තුළ පැවති වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමත් සමඟ දිවයිනේ ප්‍රධාන ගංගාවල සහ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසිමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දැනට කිසිදු ගංගාවක ගංවතුර ආපදා තත්ත්වයක් නොමැති බවයි.

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්

දැනට තෙත් කලාපයේ පමණක් සුළු වර්ෂාපතන තත්ත්වයක් පවතින අතර අනෙකුත් සියලු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවද ඒ මහතා පැවසීය.

ඉදිරි දින කිහිපයේදී ද සාමාන්‍ය අඩු වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති බැවින් ඉදිරියේදී ගංවතුරක් හෝ එවැනි ආපදා අවධානමක් මතු නොවන නමුත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බව වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාවෙන් ලෝකෙටම සුබ ආරංචියක් - අද සිට පෙට්‍රල්, ඩීසල් අපනයන බදු අඩු කරයි

ඉන්දියාවෙන් ලෝකෙටම සුබ ආරංචියක් - අද සිට පෙට්‍රල්, ඩීසල් අපනයන බදු අඩු කරයි