ඉන්දියාවෙන් ලෝකෙටම සුබ ආරංචියක් - අද සිට පෙට්‍රල්, ඩීසල් අපනයන බදු අඩු කරයි
ජූනි 1 වැනි දින, එනම් අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන (ATF) වෙනුවෙන් වන අපනයන බදු අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඒ අනුව පෙට්‍රල් සඳහා අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 1.50 දක්වා අඩු කර තිබෙනවා. එසේම ඩීසල් සඳහා වන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 13.50 දක්වා අඩු කර ඇත.
ඊට අමතරව ගුවන් යානා ටර්බයින ඉන්ධන සඳහා අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 9.50 දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.
මේ අතර මෙම අනුපාත දෙසතියකට වරක් සංශෝධනය කෙරෙන බවත් ඉකුත් සමාලෝචනයේ සිට ගත වූ කාලය තුළ බොරතෙල්, පෙට්‍රල්, ඩීසල් සහ ATF වල සාමාන්‍ය ජාත්‍යන්තර මිල ගණන් මත පදනම් වන බවත් සඳහන්.