සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනතුරු ඇඟවීමක්..යළි රට වහන්න වෙයි?..
ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද (21) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ, කරුණාකර ලබාදී ඇති සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කරන ලෙසය.
පළාත් සංචරණ සීමා පනවා ඇති මොහොතක බොහෝ පිරිස් සංචාරක ස්ථානවලට ගොස් ඇති අයුරු දක්නට ලැබුණු බවත්, ඔවුන් කිසිවෙක් අවම වශයෙන් මුඛ ආවරණයක් හෝ පැලඳ නොසිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
"අපි හැමෝම නිවාඩුවක් ගත කළ යුතුයි. නමුත් තාමත් එයට අවස්ථාව නෙමෙයි.
ඒ නිසා තමන්ගේ ගෙදරම රැඳී සිටිමින් මේ නිවාඩුව ගත කරන්න.
නමුත් අපි අත්දැකීමෙන් දැක්කා බොහෝ පිරිස් සංචාරක ස්ථානවලට ගොස් තිබුණා. ඒ වගේම බොහෝ පිරිස් මුඛ ආවරණයක්වත් නැතුව තමයි එම ස්ථානවල හැසිරුණේ.
මෙහෙම හැසිරෙන්න ගියොත් අපිට තව රෝගීන් වැඩිවීමක් අනිවාර්යයෙන් ම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා.
අපි දැනටත් ඉන්නේ රෝගීන් 500ක් - 600ක් වාර්තා වන ස්ථානයක.
අපේ ඒ පිළිබඳ තියෙන සැලකිල්ල ඉතාමත් ම අඩුයි.
මෙම රෝගීන් වැඩි වුණාට පස්සේ, අපිට නැවත වරක් අනවශ්‍ය ලෙස සීමාවන් පණවන්න සිද්ධ වෙනවා මේ නොසැලකිලිමත්කම නිසා.
ඒ නිසා අපිව ඒ තත්ත්වයට ඇදලා දාන්න එපා. අවම වශයෙන් මුඛ ආවරණයවත් පලඳින්න.
සෞඛ්‍ය පුරුදු අවම වශයෙන් දෙසැම්බර් මස අවසන් වන තුරුවත් දැඩිව පිළිපැඳිය යුතුයි.
එන්නත් දෙකම ගත්තත් රෝගය සෑදීමට සම්භාවිතාවක් තියෙනවා."
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්.
ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |