"22 වන සංශෝධනය ආවේ දූෂණයට එරෙහිවයි"- ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් කෙළින්ම පිළිතුරක්

By Kanchana Sep 08, 2026 09:44 AM GMT
Report

අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් ලෙස 22 වන සංශෝධන ගෙන ආ බව එක්ත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා සදහන් කර තිබේ.

 ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කර ඇත .

මෙරට මානව හිමිකම් තත්ත්වය සමබර සහ ඵලදායී ආකාරයකින් තක්සේරු කරන ලෙස ශ්‍රී ලංකාව මෙහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලබයි .

එමෙන්ම සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා එහි අඛණ්ඩ උත්සාහයන් සඳහා ජාත්‍යන්තර සහයෝගය ද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ඉල්ලා සිටියේය.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි