ලංකාවට බිලියන ගාණක ආදායමක් - මහ බැංකුව හෙළි කරයි

Report

 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් බවයි.

රථ වාහන ලීසිං සදහා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රථ වාහන ලීසිං සදහා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස නමය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවයි.

ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන අතර එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 5.3%ක වැඩිවීමකි.    

මේ බලන්නකෝ පඩි වැඩි කරාට ජනාධිපතිට බිමවැටිලා වදින මිනිස්සු

මේ බලන්නකෝ පඩි වැඩි කරාට ජනාධිපතිට බිමවැටිලා වදින මිනිස්සු