ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වේ.
දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවය.
ඒ අනුව සිදුව ඇති හානිය නිවැරදි කර, වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ එම කොටස පමණක් තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.