ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

Sri Lanka Election Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By Piyumika Sep 21, 2024 01:59 AM GMT
Piyumika

Piyumika

Report

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 සිට ආරම්භ වන අතර එය පස්වරු 4.00ට අවසන් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

නියම කෙනාට හංගපු ගෝඩා බැරල් එක හම්බවෙලා තියෙන්නේ..බලන්නකෝ ඒක බීලා කරලා තියන දෙයක් ..(PHOTO)

නියම කෙනාට හංගපු ගෝඩා බැරල් එක හම්බවෙලා තියෙන්නේ..බලන්නකෝ ඒක බීලා කරලා තියන දෙයක් ..(PHOTO)

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් ජාතික හැඳුනුම්පත හෝ වලංගු ලියවිල්ලක් රැගෙන ආ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ. ඒ අනුව,

* ජාතික හැඳුනුම්පත

* වලංගු විදේශ ගමන් බලපත්‍රය

* වලංගු රියදුරු බලපත්‍රය

* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

* වැඩිහිටි හැඳුනුම්පත

* පූජ්‍ය / පූජක හැඳුනුම්පත

* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

* මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත යන පිළිගත් ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. 

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස් නමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වනවිට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටිනවා. 2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් ගණන මෙවර වාර්තා වනවා. අද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ක්‍රියාත්මකයි.

ජනප්‍රිය යොවුන් ගායිකාවක් හදිසියේ මියයයි..පවුලෙන් තවත් ගායකයකුට චෝදනා..

ජනප්‍රිය යොවුන් ගායිකාවක් හදිසියේ මියයයි..පවුලෙන් තවත් ගායකයකුට චෝදනා..


ඒ අනුව අද ඔබේ වටිනා ඡන්දය  නිවැරදිව  සලකුණු කළ හැක්කේ කෙසේද? යන්න සම්බන්ධව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කළේය 

 ඒ අනුව,ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය සලකුණු කිරීම කරනු ලබන්නේ මෙසේ ය.

'1' මගින් ඡන්දයත්, '2' සහ '3' මගින් මනාප සලකුණු කළ හැකිය.

ඡන්දය පමණක් භාවිත කිරීමට '1' හෝ 'X'සලකුණු කළ හැකිය.

ඒ අනුව, '1' සහ 'X'යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.

'X' සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න.

1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.

එමෙන්ම  මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ  ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් වී අදාළ කටයුතු නිමවන තුරු කණ්ඩායම් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රැදී නොසිටින ලෙසයි.

මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

ඒ වගේම ඉතිහාසය වෙනස් කරන ජනපති සටනේ ප්‍රතිඵලය ඔබ වෙත ගෙන එන, ගගන විශේෂ ජනාධිපතිවරණ සජීව විකාශය සුදානම් ..ඡන්ද ප්‍රතිඵලය බලන ගමන් තෑගී දිනන්න දැනුම විනෝදය මේ හැම දෙයක්ම අද ගගන අපි ඔයාල වෙනුවෙන්ම සුදානම් කර තිබේ.