විදුලි අර්බුදයට විසදුම්.. ලබන සතියේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක්..

GMOA Sri Lanka Power Cut Today
By Sithumi May 21, 2022 02:03 PM GMT
Sithumi

Sithumi

Report

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමුඛතාවයක් සේ සලකා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. බිඳ වැටූ තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් හෙට වන විට එය නැවත ජාතික පද්ධතියට එක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ නිසා ජනතාව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රැස් කිරීම නතර කරනු ඇති බවත්, එමඟින් එම යන්ත්‍ර සඳහා වැය වන ඉන්ධන ජනතාවට ප්‍රවාහ අවශ්‍යතා සඳහා යොදාගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විදුලි අර්බුදයට තිත තැබීම සඳහා රජය ප්‍රමුඛතාවයක් ලෙස සලකා මෙසේ කටයුතු කළත්, ඉන්ධන අර්බුදය සඳහා කෙටිකාලීන විසඳුමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now