ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

By Wayomi Feb 13, 2025 06:18 AM GMT
Report

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ 'ආදරවන්තයින්ගේ දිනයට කලින්' යනුවෙන් දැන්වීමක් පළ කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ "ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න." යනුවෙනි.

එමෙන්ම එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ දැක්වෙනවා.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට රු. බිලියන 12කට අධික මුදලක්.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට රු. බිලියන 12කට අධික මුදලක්.



You may like this video