පළාත් රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්
2026 සැප්තැම්බර් මස 29 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලද ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව, ඔක්තෝබර් මස පළමුවැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මෙන්ම පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක්ද පවතී. බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
මේ අතර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර