“මම යුද භූමියේ ක්‍රියාන්විතවලට සම්බන්ධ වුණේ නෑ.. මට මතකත් නැහැ” - ලලිත් - කුගන් නඩුවේ ගෝඨාභයගෙන් සාක්ෂි - කියූ දේ මෙන්න
යාපනයේදී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබා දී තිබේ.
ඉදිරි නඩු දිනයන්හිදීද කොළඹ අධිකරණ සංකීර්ණයේ පෙනී සිටිමින් සාක්ෂි ලබාදෙන ලෙස යාපනය මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කර ඇත.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදුකර තිබේ.
සාක්ෂි ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, මෙම සිදුවීම සිදුවී දිගු කාලයක් ගතවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි මතකයක් නොමැති බවයි.
ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ
ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු සෘජුවම ආරක්ෂක ලේකම්වරයා වෙත නොලැබෙන බවත්, විවිධ හේතූන් මත පුද්ගලයන් අතුරුදන් වීමේ සිදුවීම් සියල්ල ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් නොවන බවත් ඔහු සාක්ෂි ලබාදෙමින් සඳහන් කර තිබේ.
තමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත්, අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ බුද්ධි අංශ ප්‍රධානීන් එහි සාමාජිකයන් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
සිවිල් නිලධාරියෙකු ලෙස තමන්ගේ කාර්යභාරය සම්බන්ධීකරණයට සීමා වූ බවත්, භූමියේ සිදුවන සෘජු මෙහෙයුම්වලට සහභාගී වීමට තමන්ට බලයක් නොතිබූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. එමෙන්ම කිසිදු අයුතු ක්‍රියාවක් සිදුකිරීමට තමන් උපදෙස් ලබාදී නොමැති බවද ඔහු අවධාරණය කර ඇත.
අතුරුදන්වීම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් නීතිඥවරයා කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, එවැනි චෝදනා රටේ කීර්තිනාමයට හානි කිරීමට සහ දේශපාලන වාසි ලබාගැනීමට ඉදිරිපත් කරන ලද අසත්‍ය ප්‍රකාශ බවයි.