බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Report

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කිරීමට නියමිත ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු (e-Gates) සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවිකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබූ අතර, ඊට අමතරව තවත් ගේට්ටු 08ක් ඇතුළුව සමස්ත ගේට්ටු 12ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ මිලදී ගැනීමට සහ ස්ථාපනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවිය.

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්

2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර (e-Passport) පද්ධතියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට පමණක් සීමාව පැවති මෙම පහසුකම මෙරටට පැමිණෙන සහ පිටවන විදේශිකයන් සඳහා ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

“මැතිවරණ කොමිසමේ ප්‍රධානියා BJP රූකඩයක්” - ඉන්දීය කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ දැවැන්ත ප්‍රහාරයක්

“මැතිවරණ කොමිසමේ ප්‍රධානියා BJP රූකඩයක්” - ඉන්දීය කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ දැවැන්ත ප්‍රහාරයක්

සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වර්ධනයත් සමඟ ඉහළ යන ගුවන් මගී සංඛ්‍යාවට කාර්යක්ෂම සේවාවක් සැලසීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.