IMF වැඩසටහනින් ඉවත් වීම ගැන මෙතෙක් ස්ථීර තීරණයක් නැහැ - අමාත්‍ය නලින්ද ජයතිස්ස

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනින් ඉවත් වීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ස්ථීර තීරණයක් ගෙන නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, IMF වැඩසටහනට අදාළ ඇතැම් පුරෝකථනයන් සහ ඉලක්ක සපුරාගෙන තිබුණ ද, තවත් ඉලක්ක සපුරා ගැනීමට නියමිතව පවතින බවයි.

නීතිඥවරියගේ නිවසේ සේප්පුවම උස්සලා - කෝටි 2කට ආසන්න රන් සමඟ ‘වැල්ලවත්තේ උබයා’ සහ දෙදෙනෙක් මාට්ටු

නීතිඥවරියගේ නිවසේ සේප්පුවම උස්සලා - කෝටි 2කට ආසන්න රන් සමඟ ‘වැල්ලවත්තේ උබයා’ සහ දෙදෙනෙක් මාට්ටු

2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වන බවට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ මෙරට ආර්ථිකයේ ප්‍රගතිය සලකා බලා සුදුසු අවස්ථාවේදී රජය ඒ පිළිබඳ ඉදිරි තීරණ ගන්නා බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්