බදුල්ලේ ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන වතු නිවාස 51ක් සඳහා මුල්ගල් තැබේ

Report

බදුල්ල දිස්ත්‍රික්කයේ අලගොල්ල වතුයායේ නව නිවාස ඒකක 51ක් සඳහා මුල්ගල් තැබීම 2026 සැප්තැම්බර් 29 වන දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් සරන්‍යා වී. එස්. (Saranya V. S.) මහත්මිය, ශ්‍රී ලංකාවේ වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා සහභාගී වූහ.

මෙම නිවාස ඒකක ඉදිකෙරෙන්නේ, 2025 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කරන ලද ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ (IHP) සිව්වන අදියරේ (Phase IV) දෙවන අදියර යටතේය.

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

මෙම සිව්වන අදියර මගින් ශ්‍රී ලංකාවේ පළාත් හයක් පුරා විසිරී සිටින වතු ප්‍රජාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම ඉලක්ක කර ඇත. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රජය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහනක් වන අතර, ඒ යටතේ නිවාස 60,000ක් පමණ ඉදිකිරීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 18කට අධික ප්‍රදාන ආධාර මුදලක් ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ වතු ආශ්‍රිත ප්‍රදේශවල ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ආධාර වැඩසටහන් නිවාස ඉදිකිරීමට පමණක් සීමා නොවන අතර, ඊට අමතරව දික්ඔය බහු-විශේෂඥ රෝහලක් (multi-specialty hospital) ඉදිකිරීම, 'ස්මාර්ට්' පන්ති කාමර ස්ථාපිත කිරීම, වතු ආශ්‍රිත පාසල් නවයක් වැඩිදියුණු කිරීම සහ සීතා එළිය දේවාලය සංවර්ධනය කිරීමට සහාය වීම වැනි කටයුතු ද ඊට ඇතුළත් වේ.

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි - ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්චාවක්

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි - ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්චාවක්

මීට අමතරව, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් 2023 ජූලි මාසයේදී ඉන්දීය රුපියල් මිලියන 750ක වටිනාකමකින් යුත් බහු-ක්ෂේත්‍ර ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මුල්ගල් තැබීමේ උත්සවය සඳහා වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වතු මානව සංවර්ධන භාරයේ (Plantation Human Development Trust) නියෝජිතයින් සහ අලගොල්ල වතුයායේ ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වූහ.