ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය අලුත් වෙයි.. සේවා රැසක් මෙන්න..
අද (27) දිනයේ ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා එළිදැක්වීය.
ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමග නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.
මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිර්මාණයක් වේ.
එමෙන්ම, සුපුරුදු පරිදි පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහාද අවස්ථාව ලබාදී ඇත.
කෙසේ වෙතත්, ඉදිරියේ දී ජනතාවගේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුළ ඇතුළත් කිරීමට නියමිත ය.
You May Like This Video 👇
.