119 පොලිස් හදිසි ඇමතුම් අංකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්.
119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වගකීමෙන් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන සහ පොලිසියෙන් කඩිනම් සහය ලබා ගැනීමට අවශ්‍ය පුරවැසියන්ට එය අත්‍යාවශ්‍ය මාර්ගයක් වී ඇත.
ඒ වෙත දෛනිකව පණිවිඩ 3000-3500ක් පමණ ලැබෙන අතර, ඒවා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත කඩිනමින් යොමු කරනු ලබයි.
හදිසි ඇමතුම් අංකය වෙත වැරදි තොරතුරු ලබා දීමෙන් පුද්ගලයින් එය අනිසි ලෙස භාවිතා කරමින් කටයුතු කරන අවස්ථා සම්බන්ධයෙන් නිළධාරින්ගේ අවධානයට ලක්ව ඇත.
119 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ යුත්තේ හදිසි අවස්ථාවක යොමු කළ යුතු අත්‍යවශ්‍ය සිදුවීම් වාර්තා කිරීමට පමණක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ය.
එමෙන්ම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් භාවිතා කිරීමෙන් පුරවැසියන්ට සැමට ආරක්ෂිත සහ වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට දායක විය හැකිය.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 180 වගන්තියට අනුව, පොලිසියට සාවද්‍ය හෝ වැරදි තොරතුරු සැපයීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට මාස හයක් දක්වා සිරදඬුවමක්, දඩයක් හෝ දෙකම ඇතුළුව දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.
මහජන ආරක්ෂාව සහ ඵලදායි හදිසි කළමනාකරණයේ අවශ්‍යතාවය මත, 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය අවභාවිත කිරීමෙන් වළකින ලෙසත්, විමසිලිමත් වන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
නීතිය ක්‍රියාත්මක කිරීම සමඟ වගකීමෙන් සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සෑම පුරවැසියෙකුටම සාමකාමී සහ සුරක්ෂිත සමාජයක් පවත්වාගෙන යාම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකිය.
