පොලිස් මූලස්ථානයෙන් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කරයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
තන්තිරිමලය රජමහා විහාරස්ථානය ඉදිරිපිට බීමතින් රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ පොලිස් මූලස්ථානය විසින් ය.
එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම විහාරස්ථානය ඉදිරිපිට මාර්ග බාධකයේ සිට බීමතින් රාජකාරී කරන බවට තන්තිරිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
එහිදී අධිකරණ වෛද්‍යවරයා මත්පැන් ගඳ වහණය වන බවට වාර්තාවක් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.