අම්මෝ ආයෙනම් දේශබන්දු වගේ පොලිස්පතිලා එපා - අලුත් පොලිස්පතිව චෙක් කරන්න වාර්තා ඉල්ලලා

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අධිකරණය, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයකින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් විස්තර වාර්තා එවන්නැයි ඉල්ලා සිටියි.

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ ආකාරයට වාර්තාවක් ඉල්ලීමේ අරමුණ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව චෝදනා ඇත්දැයි සොයා බැලීමට බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පවසයි.

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

එමෙන්ම අද (12) සවස 1.30 ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර ඒ මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාමය සලකා බැලීමටයි.

ඒ පසුගිය 7 වැනිදා ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

තෙල් මිල අඩු වෙනවද? බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

තෙල් මිල අඩු වෙනවද? බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබීය.

ඉන් පසුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පමණක් බව දැනගන්නට ඇත.