තද වැසි සහ සුළං - ජනතාවට සැලකිලිමත් වන්නැයි නිවේදනයක්
By Shehan
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00ට පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.