අද ජනපති ප්‍රධානත්වයෙන් ‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව
‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව අද (12) පෙරවරු 12.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
වසර 32කට පසු පැවැත්වෙන මෙම ජාතික තරුණ සමුළුවට තරුණ තරුණියන් 6000කට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
මෙම සමුළුව සඳහා තෝරා ගත් තරුණ තරුණියන් 52 දෙනෙකුගේ පුහුණුව පසුගිය දිනවලදී සිදු කර ඇති අතර, අද පැවැත්වෙන ‘යූත් ක්ලබ්’ ජාතික සමුළුවේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු සැලසුම් කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේය.