ප්‍රභල මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සූදානම්...අළුත් පෙරළියකට සැරසෙයි.

Sri Lanka Parliament Dayasiri Jayasekara Maithreepala sirisena Sri Lanka fredem party
By Aruna Sep 29, 2021 04:14 AM GMT
Aruna

Aruna

Report

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සූදානම් වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවා නම් නැවත වතාවක් වයඹ පළාත් මහ ඇමැති අපෙක්ෂකයා විදිහට ඉදිරිපත් වීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

තමන් පෙර අවස්තාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරනවිටදී විශාල ජනමතයක් නිර්මාණය කළා පමණක් නොව විශාල වැඩ කොටසක්ද කළ බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම නැවත වතාවක් එදා තමන් සමග කටයුතු කළ මැති ඇමැතිවරුන් එක් කරගෙන නිවැරදි ලෙසත් ශක්තිමත් ලෙසත් ඉදිරියට යා හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now