භයානක තත්ත්වයක් - ඖෂධ හිඟය උග්‍ර වෙයි.. (VIDEO)

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Apr 22, 2022 11:51 PM GMT
krishani

krishani

Report

පෞද්ගලික හා රජයේ රෝහල්වල මේ වනවිට උද්ගතව ඇති ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඖෂධ ආනයනකරුවන් හා සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සමග ඊයේ(22) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සාකච්ඡාවේදී නව මිල පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, ඖෂධ ආනයනය සඳහා වන ණයවර ලිපි වලට ප්‍රමුඛතාව ලබාදීමටත් කඩිනම් පියවර ගන්නා බවටත්, සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පොරොන්දු වූ බවයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ.

මේ අතර, පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දී තිබුණේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

කොළඹ වෛද්‍ය සැපයිම් අංශය තුළ ඖෂධ වර්ග 525 ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන් බව ද රජයේ ඖෂධවේදින්ගේ සංගමය ප්‍රකාශ කළා.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join