ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා වර්තාව කල්යයි...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා වර්තාව අද සභාගත කිරීමට නියමිත තිබුණා.
කෙසේ වෙතත් එය හෙට දින දක්වා කල් තබා ඇත්තේ යුක්‍රේන රුසියා අර්බුදය හමුවේ යුක්‍රේනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ හදිසි විවාදයක් අද කැඳවීම හේතුවෙන්.
රුසියානු ආක්‍රමණය හේතුවෙන් පැන නැගී ඇති යුක්‍රේනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ හදිසි විවාදයක් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේයේ පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාටව එරෙහි මානව හිමිකම් චෝදනා වාර්තාව අද සභාගත කිරිීමට නියමිතව තිබුණද මෙම හදිසි විවාදය හේතුවෙන් එය හෙට දිනය දක්වා කල්තබා තිබෙනවා.
මේ අතර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.
අදාල යෝජනාව සම්බන්ධයෙන් පැවැත් වූ ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 193 න් රටවල් 141 ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය පළ කර තිබුණා.
රුසියාව , බෙලරූස්, සිරියාව, උතුරු කොරියාව සහ එරිත්‍රිියාව යන රටවල් 05 පමණක් රුසියාවට සහය පළ කරමින් ඡන්දය පළ කර තිබෙනවා.
ඉන්දියව, චීනය , පාකිස්ථානය ඇතුලු රටවල් 35 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි අතර ශ්‍රි ලංකාව ද ඊට ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |