කුඩු අංජුගේ කෝටි 3ක නීතිවිරෝධී නිධානය සී.අයි.ඩි.යෙන් පවර ගනී !

arrested trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 21, 2022 07:03 AM GMT
krishani

krishani

Report

විදෙස්ගතව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන “කුඩු අංජු” නැමැත්තාගේ රුපියල් කෝටි තුනට අධික දේපළ අද (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රත්මලාන, මොරටුමුල්ල ප්‍රදේශයේදී අදාළ පවරාගැනීම් සිදුකළ බවය.

එහිදී නිවාස දෙකක්, රත්‍රන් තොගයක්, කුඩා ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ එම දේපළ “කුඩු අංජු” නැමැත්තාගේ බිරිඳගේ නමින් ඇති බවය.

එම පුද්ගලයා 2018 වසරෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදා අදාළ වත්කම් මිලදීගෙන ඇතැයි වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now