එම්බාම්කර නිවසට ගෙනා කොරෝනා මළ සිරුර ආයෙත් රෝහලට ගෙනිහින්

Sri lanka covid 19 gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 21, 2022 03:52 AM GMT
krishani

krishani

Report

කොරෝනා වැළදුන මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී ඊයේ (20) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකර ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අදාළ මළසිරුර එම්බාම් කල කළුතර මල් ශාලාවක සේවකයින් සහ නිවැසියන් ඇතුළුව දොළොස් දෙනකු නිරෝධායනය කිරීමට කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය කටයුතු යොදා තිබේ.

පොතුවිල , මහ ගම්මැද්ද ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක  18දින මියගොස් ඇති අතර , ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට මත්තෙන් මෘත දේහයේ ඥාතීන්ට භාරදී තිබේ.

ඒ අනුව කළුතර මල් ශාලාවකින් මළසිරුර එම්බාම් කර පොතුවිල මහ ගම්මැද්ද ප්‍රදේශයේ නිවසට 19දින පස්වරුවේ රැගෙන ගොස් තිබේ.කෙසේ වුවද ඊයේ(20) උදෑසන ලැබී ඇති පීසීආර් වාර්තාවට අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුව ඇත .

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය කළුතර සෞඛ්‍යය වෛද්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අදාල අවමගුල පැවැත්වෙන නිවසට යොමුකර දේහය නැවත රෝහලට රැගෙන ඒමට ක්‍රියාකර නිරෝධායන නීතියට අනුව කළුතර ප්‍රාදේශීය සභාවේ පොතුවිල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකර තිබේ .

මේ පිළිබඳ අදහස් දැක්වූ නාගොඩ මහරෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී මෙසේ පැවසීය .

අපි අවස්ථා දෙකකදී පිසීආර් පරීක්ෂණ සිදු කරනවා.ඇයගේ ජෛවානු ගුණනය 30 ට වඩා වැඩියි. ඒ නිසා පළමු පරීක්ෂණය නෙගටිව් . දෙවන පරීක්ෂණ පොසිටිව් බව දැනගැනීමෙන් පසු ඉතා ඉක්මනින් නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු කලා .

එයට සම්බන්ධ වුණු පිරිසක් නිවෙස් වල නිරෝධායනට ලක්කලා. කොහොම නමුත් එම මෘත ශරීරයෙන් තවත් කෙනකුට රෝගය බෝවීමේ අවධානමේ සමභාවිතාව බොහෝම අඩුයි . යැයි පැවැසීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now