බෝම්බ කතා මැද රුපියල් 5000ට බෝම්බයක් විකිණීමට හැදු පුද්ගලයෙක් අත්අඩංගුවට

arrested trending news gagana news today news sri lanka sinhala news
මාස 3 කට පෙර
krishani

krishani

රුපියල් 5000ක මුදලකට බෝම්බයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කැස්බෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ "මොරටුමුල්ලෙ ඔස්කා" නමැති අයෙකු බවය.

මොරටුමුල්ලේ ප්‍රදේශයේ අයෙකු බෝම්බයක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයමින් සිටින බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහිදී පොලිසිය උපාය දූතයෙකු යොදවා බෝම්බය මිලදී ගන්නා බව පවසා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම මිතුරෙකු සතුව තිබූ බෝම්බයක් ඔහුගෙන් සොරකම් කර මෙලෙස මෙලෙස විකිණීමට උත්සහ කළ බවය.

සැකකරු මත්කුඩු පානය කිරීම සඳහා ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඔහු අපරාධ ගණනාවක් සඳහා නඩු රැසක් ඇති පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කැස්බෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now