මල් විකුණන තරුණියට කරදර කළ චීවරධාරියා පොලිසියට මාට්ටු වෙලා

arrested trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 19, 2022 03:54 AM GMT
krishani

krishani

Report

අනුරාධපුර පූජා නගරයේ පෙත් මග ආසන්නයේදී දාසය හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළ චීවරධාරියකු දුරුතු පොහොය යෙදුණු පෙරේදා (17 දා) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පන්සලක වැඩ සිටින තිස් නව හැවිරිදි චීවරධාරියෙකි.

මල් වෙළෙඳාමේ නිරත සිය මව සමග සිටි මෙම දැරිය කිරි පැකට් දෙකක් මිලදී ගැනීම සඳහා ඒ අසල වෙළෙඳ සලකට මව විසින් යවා ඇති බවත්, මුදල් මදි වීම හේතුවෙන් එක් කිරි පැකට්ටුවක් පමණක් මිලදී ගෙන එන අතරවාරයේ දී දැරිය පසුපස චීවරධාරියකු ද පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

පසුව දැරිය හඬා වැළපෙමින් තම මව අසලට පැමිණ චීවරධාරියා තමාගේ කරට අතක් දමා ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පැන දිව ආ බව මවට පවසා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී මවගේ කෑ ගැසීම හමුවේ එක්රොක් වූ පිිරිස් දිව ගිය චීවරධාරියා අල්ලාගෙන උඩමළුව පොලිසියට භාර දී ඇත.

අනතුරුව, අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි.

අතවරයට පත් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණි.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now