"ඒක පුද්ගල ණය රු. ලක්ෂ 8කට වැඩියි.රට හැම පැත්තෙන් ම කඩා වැටිලා"- පරිසර ඇමති
මේ වන විට රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 8කට ආසන්න වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය තුළ දිගින් දිගට ම රුපියල අවප්‍රමාණය වීම සහ රට තුළ පවතින ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් පහළ බැසීමේ තත්ත්වයෙන් මිදීමට පවතින ආණ්ඩුවට නොහැකි වී ඇති බව අවංකව පිළිගත යුතු බව ය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලයෙන් පසු පැමිණි කිසිදු ආණ්ඩුවක කිසිදු පාලකයෙකු රටේ ණය බර අවම කර ගැනීමට සමත්ව නොමැති බව ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී පැවති වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"මේ රට බරපතළ ම අභියෝග රාශියකට දැන් මුහුණ දෙමින් යන්නේ. අපි සෑම පැත්තෙන් ම බැලුවොත් කඩා වැටීමක් තියෙන්නේ. අපේ විදේශ ණය ප්‍රමාණය තියෙනවා රු. බි. 17,200ක්. එතකොට අපි ඒක පුද්ගල ණය ප්‍රමාණය 785,365ක් එක පුද්ගලයෙක් ණය වෙලා තියෙනවා. දැන් පසුගිය දවස් ටිකේ ණය වෙච්ච ප්‍රමාණය ත් එක්ක බැලුවා ම ලක්ෂ 8ට ආසන්න ප්‍රමාණයක් අපි එක පුද්ගලයෙක් ණය වෙලා. 1970 සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියට රට භාර ගන්න කොට ඩොලර් එකට රු. 9යි ගාණක් තමා ගෙව්වේ. එතුමිය 1977 භාර දෙනකොට රු. 7 ගාණකට තමයි ඩොලර් එකක් ගත්තේ. එතනින් පස්සේ පත්වෙච්ච සියලු ම රජයන්වල සියලු ම පාලකයින් අසමත් වුණා මේ ණය බර අඩු කරන්න. දැන් අද ඩොලර් එක කීය ද කියලා කියන්න බෑ. 201යි කියනවා 200යි කියනවා. එළියේ 240ට, 235ට යනවා. අපේ ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ඉස්සරහාට මේ තත්ත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා. අපි ත් අවංකව පිළිගන්න වෙනවා අසමත් වෙලා තියෙනවා මේ තත්ත්වයෙන් මිදෙන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |