කරන්ට් කරන්ට් කරන්ට් ! මොකද්ද මේ විදුලි ඉන්ජිනේරුවන් කරන්න යන අලුත් වැඩේ

trending news gagana news sri lanka sinhala news Electrical Engineers Sri Lanka Elecricity Board
By krishani Jan 19, 2022 12:53 AM GMT
krishani

krishani

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත් අද(19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය අසනීප නිවාඩු වාර්තා කර විදුලිබල මණ්ඩල කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ(18) විරෝධතාවක් ද පැවැත්වුණි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධිකරණ තීන්දුව සහ එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය.

"රජයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා වැඩි කෙරුවා. ඒකට අනුරූපීව සංස්ථාපිත ආයතනවල විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා වැඩි කළා. ඒ අතරතුර තමයි රණතුංග මහතාගේ විශ්‍රාම ආවේ ඒ විශ්‍රාම යන වයස ඇමතිතුමාගේ අනුමැතිය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලයට දීර්ඝ කරන්න පුළුවන්. ඒ කියන ප්‍රතිපාදනය පාවිච්චිකරලා ඇමතිතුමා රණතුංග මහතාගේ සේවා කාලය දීර්ඝ කරලා ලිපියක් නිකුත් කළා.

ඒ නිසා ඊළඟට හිටපු ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවා මහාචාර්ය අබේසේකර මහතාට ගැටලුවක් පැනනැගුනා එයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් දැම්මා. ඒ අතරතුර ඇමතිතුමා රණතුංග මහතාගේ ලිපිය අවලංගු කළා. රණතුංග මහතාත් අභියාචනාධිකරණයට ගියා. නඩුව අහලා ඉවර වෙනකල් ස්ථීර පත්වීම් බැහැ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය මාව පත්කරන්න තීරණය කරලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now