විදුලි අර්බුදයට මොකද වෙන්නේ ?

trending news gagana news sri lanka sinhala news electricty crisis Mr.Gamini Lokuge
By krishani Jan 16, 2022 09:05 AM GMT
krishani

krishani

Report

ඉදිරි දින කිහිපය තුළ අඛන්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අද(16) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රියවීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 300 ක ධාරිතාවක් අහිමිවුණා.

මේ හේතුවෙන් අඛණ්ඩ විදුලිබල සැපයුම අභියෝගයට ලක්වූ අතර, කැළණිතිස්ස බලාගාරයේ හදිසියේ මතුවූ කාර්මික දෝෂය හේතුවෙන් මෙම අර්බුදය තවදුරටත් උග්‍ර වුණා.

මෙවැනි පසුබිමක ජලවිදුලි උත්පාදනය ද පවතින්නේ දැඩි අභියෝගාත්මක තත්වයකයි.

වැසි රහිත කාලගුණයත් සමඟ ජලවිදුලි බලාගාරවල ජල මට්ටම සීග්‍රයෙන් අවම වෙමින් පවතින අතර, වාරිමාර්ග සහ පානීය ජලපහසුකම් සඳහා අවශ්‍ය ධාරිතාව වෙන් කිරීමෙන් පසු මේ වනවිට විදුලිබල නිෂ්පාදනයට වෙන්වන්නේ ජලාශවල සමස්ත ධාරිතවයෙන් සීයයට 35 ක් වැනි ප්‍රතිශතයක්.

මෙම තත්වය මත ඩීසල් සහ දැවි තෙල් මගින් ක්‍රියාත්මක වන බලාගාර සඳහා ඉන්ධන අවශ්‍යවීම ගැටළුවක් බවට පත්ව ඇත්තේ රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය හේතුවෙන්.

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ විදුලි නිෂ්පාදනය ඇතුලු රටට අවශ්‍ය සමස්ත ඛනිජ තෙල් ආනයනය සඳහා ඩොලර් ලබාදීමේ අභියෝගයට මහ බැංකුව සාර්ථකව මුහුණදෙමින් සිටින බවයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය පහසුකම් සපයාගැනීම සඳහා තවත් විකල්ප අවස්ථා කිහිපයක් සළකා බලමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියා. වසරේ ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන ආනයනය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පමණ අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂිතයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now