එන්නත්කරණයේ දී පාසල් ළමුන්ගෙන් වැඩිහිටියන්ට ආදර්ශයක්

Vaccination trending news gagana news sri lanka sinhala news
By krishani Jan 16, 2022 08:06 AM GMT
krishani

krishani

Report

එන්නත්කරණයේ වැදගත්කම සම්බන්ධයෙන් මෙරට පාසල් ළමුන් වැඩිහිටියන්ට ආදර්ශයක් වනු ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එන්නත්කරණයෙන් සිදුවන අතුරු ආබාධ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජීන්ද්‍රජිත් මහතා,

 "වයස අවුරුදු 12ත් 15ත් අතර කණ්ඩායමේ ප්‍රථම එන්නත ලබා දීමේ වැඩපිළිවෙල අපි සාර්ථකව මේ වන විට පාසල් හරහා ඉදිරියට ගෙන යමින් පවතිනවා.අතුරු ආබාධ සහ ආසාත්මිකතා ඇති ළමුන්ට ලඟම ඇති දිස්ත්‍රික් රෝහලෙන් එම එන්නත ලබා ගන්න පුළුවන්. එයත් සාර්ථකව ඉදිරියට ගෙන යනවා. ළමා රෝහලට එවැනි විශාල ළමුන් සංඛ්‍යාවක් පැමිණ එන්නත ලබා ගත්තා. ඔවුන්ට ඉතාම සාර්ථකව අපි ඒ එන්නත්කරණය සිදුකර තිබෙනවා. ඇත්තටම සන්තෝෂයෙන් කියන්න තියෙන කාරණයක් තමයි ළමා රෝග විශේඥයෙක් හැටියට ළමුන්, වැඩිහිටියන්ට සාපේක්ෂව ඉතා වේගයෙන් එන්නත ලබා ගන්නවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයත් වසංගත රෝග විද්‍යා අංශයත් එකතුව ඉතා නොබෝ දිනකින් එම එන්නත්කරණය ඉතා සාර්ථකව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙහිදි ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි එන්නත්කරණය සඳහා තියෙන අනියත බිය. මේවා කොහෙන් ආව ඒවාද කියන එක තමයි අපිට හිතාගන්න බැරි. මේවා ඉතාමත් ප්‍රාථමික අදහස්. මේක ගැහුවාහම ඇලජික් වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් අමාරු වෙන්න පුලුවන් කියන එක. දැන් එහෙම දෙයක් මේ ලංකාව තුළනම්, දරුණු ඇලජික් තත්ත්වයන් ලොකුවට වාර්තා වෙලා නෑ. වාර්තා වෙලා තියෙන වැදගත්ම අතුරු ආබාධ තමා එන්නත් කරපු ස්ථානයේ ඇති වන වේදනාව ඇඟපත රුදාව සහ සමහර අයට ඇති වන උණ රෝග. මේ වගේ දෙවල් ඉතාම සරල දෙවල් කොවිඩ් රෝගය වැනි රෝග සමඟ සංසන්දනය කරලා බලනකොට. ඒ නිසා තමුන්ගේ ළමයින්ව පුලුවන් ඉක්මනට පාසල් මට්ටමින් හෝ රෝහල්වලින් ගැටලු තියෙන අය ළමුන් එන්නත්කරණයට ලක්කර ගන්න කියලා ජනතාවගෙන් ඉතාමත් උනන්දුවෙන් ඉල්ලා සිටිනවා. මට දැඩි ලෙස විශ්වාසයි ළමුන් වැඩිහිටියන්ට ආදර්ශයක් සපයාවී මේ එන්නත්කරණය පිළිබඳව මොකද ළමුන්ගේ එන්නත්කරණය ඉතාමක් සාර්ථකව ඉදිරියට යනවා."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now