එළියට ආව කළු හංසයෝ

sri lanka Dehiwala Zoo sinhala news trending news gagana news today hot news
By krishani Jan 16, 2022 05:10 AM GMT
krishani

krishani

Report

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දෙවන වරට උපත ලද කලු හංස පැටවුන් තිදෙනකු මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබෙනවා.

මෙම පැටවුන් ඉකුත් 05 වන දින උපත ලබා සෞඛ්‍යාරක්ෂිතව රදවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය 14 වන දින සිට මෙලෙස සත්ව අරණවෙත නිදහස් කරනු ලැබ ඇත.

මෙම සතුන් ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් ලොව දුර්ලභ ගණයේ පක්ෂී විශේෂයක්ද වේ.

මෙම කලුහංස ධේනුව මීට පෙර පසුගිය වසර මාර්තු 22 වන දිනද පැටවුන් පස් දෙනෙකු බිහිකර එම සතුන්ද මේ වන විටත් එම අරණේම සුවසේ ගත කරමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now