ඩෙල්ටා අභිබවා ඔමික්‍රෝන් ලංකාවේ පැතිරේ
පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගත් කොරෝනා ආසාදනය වූ විට සංකූලතා වැඩි කරන ජාන මෙරට පුද්ගලයින්ගේ ශරීර තුළ පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පර්යේෂණ පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය පවසනවා.
පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන තිබුණේ එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි.
තවත් කොරෝනා අසාදිතයන් 661 ක් ඊයේ(15) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 595,657 ක් දක්වා ඉහළ ගියා.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,197 ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 07 ත් සමගයි.
මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය මගින් පර්යේෂණය කළ කොරෝනා ආසාදිතයන් 182 කුගේ සාම්පල වාර්තාවලින් 160 දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් බව තහවුරු වුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ පරීක්ෂාවට ලක් කෙරුණු අනෙක් ආසාදිතයන් විසි දෙදෙනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි.
ඒ අනුව ඩෙල්ටා අභිබවා ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් පැතිර යන බව ඔහු පෙන්වා දෙනවා.
ඔමික්‍රොන් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනෙන් දෙකක් මෙරට සාම්පලවලින් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් ප්‍රභේදයක් ස්වභාවික සහ එන්නත්කරණ ප්‍රතිශක්තියට වැඩි ප්‍රතිරෝදයක් දක්වමින් වැඩි සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම, මෙලෙස හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශේෂයෙන් හඳුනා ගෙන ඔවුන් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. එම සංගමය වැඩිදුරටත් ජනතාවට දැනුම් දී සිටින්නේ පවතින තත්ත්වය හමුවේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සහ නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |