ෂාටා ගෙනා ගිනි අවි ගැන හෙළිකරයි

trending news gagana news hot news sri lanka sinhala news criminal arrested
By krishani Jan 16, 2022 12:53 AM GMT
krishani

krishani

Report

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මග හරිමින් සිටි උදයංග ලක්මාල් හෙවල් 'ෂාටා' නම් මත්ද්‍රව්‍ය ජවාරම්කරු ත්‍රිකුණාමලය පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු පසුගිය කාලයේ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ පිස්තෝල 14ක් මෙරටට ගෙන්වා ඇති බවය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදුකළ විශේෂ විමර්ශනයක් සඳහා අව්‍යශව සිටි උදයංග ලක්මාල් හෙවත් 'ෂාටා' පසුගිය කාලය පුරාම පොලීසිය මග හරිමින් සැඟව සිටීම හේතුවෙන් පොලීසියට ඔහුව සොයාගැනීමට මහජන සහාය පැතීමට සිදුවිය.

පොලීසිය නිකුත්කළ නිවේදනයක් සමග 'ෂාටා' පසුගියදා ත්‍රිකුණාමලය පොලීසියට පැමිණ භාරවී තිබුණි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට රැගෙන පැමිණි සැකකරුව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කර තිබේ.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශකර ඇත්තේ තමන් පසුගිය කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් හා විදෙස් රටවල නිෂ්පාදිත පිස්තෝල 14ක් මෙරටට ගෙන්වා ඇති බවය.

අදාළ හෙරොයින් තොගය සහ පිස්තෝල 14න් 10ක් 2020 වසරේ ජනවාරි මාසයේදී බණ්ඩාරගමදී පොලීසිය සොයාගත් බවද ඔහු පවසා තිබුණි.

ඉතිරි පිස්තෝල 4න් දෙකක් බූස්ස ප්‍රදේශයේ තම සගයෙකු සතුව ඇති බවද සැකකරු එහිදී හෙළිකර තිබේ.

ඒ අනුව එම පිස්තෝල දෙක සහ පතුරම් ගැබ් 04ක් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සොයාගෙන ඇත.

අනතුරුව 'ෂාටා' ජනවාරි 14 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now