රටවල් අටකට ගුවන් තහනමක් !!!
#sinhala news#eight countries banned from fling#Today hot news#world###
By krishani
චීනය මගින් පාලනය වන හොංකොං රාජ්‍යය ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරෙන රටවල් 8 ක සිට සිය රටට ගුවන් යානා පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
මේ අනුව ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, එංගලන්තය හා එක්සත් ජනපදය යන රටවල සිට හොංකොං රාජ්‍යය වෙත ගුවන් යානා පැමිණීම පෙරේදා (05දා) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.
ඉහත සඳහන් රටවල සිට හොංකොං රාජ්‍ය වෙත පැමිණෙන ගුවන් යානාවලට අමතරව එම රටවල නැවතී සිටින කිසිවකුට නැවත දැනුම් තුරු වෙනත් රටක් හරහා හෝ සිය රට පැමිණීම තහනම් කර ඇති බව හොංකොං රාජ්‍යය නිවේදනය කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |