ලබන සතියේ වැඩ පටන් ගන්න යන ආණ්ඩුව ඇතුළේ අලුත් බලවේගය ගැන මහින්ද අමරවීර මෙසේ කියයි

#sri lanka sinhala news#sri lanka tamil news#today news#news in politics#Secretary General of the United people's freedome alliance#Mahinda amaraweera#
By krishani Jan 03, 2022 08:28 AM GMT
krishani

krishani

Report

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ දැනටමත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා කීය.

ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂ සහ ජාතික බලවේග සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද ඒ මහතා කියා සිටියේය. මේ වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now