ජර්මන් අයියයි මල්ලියි,සිංහරාජයට රිංගලා කළ, කවුරුත් නොසිතපු වැඩේ !

police sri lanka arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 28, 2022 04:14 AM GMT
krishani

krishani

Report

සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ ජර්මන් ජාතික අයියා මලෝ දෙදෙනා අප්‍රේල් මස 08දා තෙක් රක්‍ෂිත බන්‍ධනාගාරයේ තබන ලෙස මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහතා නියෝග කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙසේ රිමාන්ඩ්භාරයට පත්කෙරුණේ ජර්මනියේ Hannover හි Klumpp Daniel (52) සහ ඔහුගේ සහෝදරයා වන Klumpp Lars (47) යන ජර්මන් ජාතිකයන් දෙදෙනායි. ඔවුන් මාර්තු මස 17 දින ලංකාවට පැමිණ ඇති බවද අධිකරණයේ දී අනාවරණය විය. සැකකරුවන් දෙදෙනා සිංහරාජ වාන්නතරය නැරඹීමට පැමිණ ඇත්තේ 27දාය.

එසේ පැමිණ සිංහරාජ වනාන්තරයට අයත් දෙණියාය කුරුලුගල ප්‍රදේශයේ සංචාරය කර ඇත්තේ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත මාර්ගෝපදේශකයෙකු සමගය.

කැලෑවේ සංචාරය කරද්දී එක් සංචාරකයෙක් කැලෑවේ සිටි කටුස්සෙක් ඔහුගේ ගමන් මල්ලට දාගන්නා ආකාරය සංචාරක මගපෙන්වන්නා දැක තිබේ.

ඔහු ඒ බව සිංහරාජ හරිත මිතුරෝ සංවිධානයට දන්වා තිබේ. ඔවුන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු වනජිවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත්භාර සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් මත සිංහරාජ වනජිවී අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශය අයත් මිරිස්ස වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරී පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යවා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now