බීමතින් වෙරිමත්ව රිය ධාවනය කළ සෞඛ්‍ය ලොක්කාට වුණ වැඩේ..

police sri lanka Arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 28, 2022 02:16 AM GMT
krishani

krishani

Report

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් ඊයේ(27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා තලවකැලේ පොලිසියේ රඳවා සිටින බවත් අද අධිකරණයට ඉදිරිපත් කරන බවත් එමත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාවරයා සාදයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now