මෙදා සැරේ අවුරුදු රසත් තිත්ත වෙයි - අවුරුදු කාලත් හමාරයි,මෙන්න එම විශේෂ හේතුව !

sri lanka new year gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 26, 2022 07:13 AM GMT
krishani

krishani

Report

සෑම ආහාර ද්‍රව්‍යයකම මිල වාර්තාගත ලෙස ඉහළ යෑම හේතුවෙන් අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන රස කැවිලිවල මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇතැයි රසකැවිලි නිෂ්පාදකයෝ පවසනවා.

රසකැවිලි නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන සීනි, සහල් හා මුං ඇට ඇතුළු සෑම ද්‍රව්‍යකම මිල මේ වන විට පෙර නොවූ ලෙස ඉහළ යෑමත් පොල්තෙල් බෝතලයක මිල රුපියල් 900 ඉක්මවා යෑමත් හේතුවෙන් කැවිලිවලට නිශ්චිත මිලක් තීරණය කිරීම අසීරු බවයි.

කෙසේ වෙතත් මීට පෙර රුපියල් පහළොවක් විස්සක් වූ කැවුමක් තිහකටත්,විසිපහකට තිබූ කොණ්ඩ කැවුම් රුපියල් 50කටත් රු.35-40 අතර පැවැති මුං කැවුමක් අවුරුදු සමය වන විට රුපියල් 50-55ත් අතර මිලකටද, රුපියල් 12-15ත් අතර පැවැති කොකිස් ගෙඩියක මිල රුපියල් 20කටද, රුපියල් 60කට පැමැති ආස්මි ගෙඩියක් රුපියල් 80-100ක් අතර මිලකට සහ රුපියල් 25ට පැවැති පැණිවළල්ලක් රුපියල් 35-40ක් දක්වාද ඉහළ දමා ඇතැයිද ඔවුහු පැවසූහ.

එසේම මේ වන විට දොදොල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 700-1000ත් අතර මිලකටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now