අනුරාධපුර පොහොට්ටු රැළියේදී කළ කතාවට විමල් වීරවංශට අලුත් ප්‍රශ්නයක්- අධිකරණයට අපහාස කිරීම ගැන CCIB විමර්ශන ඇරඹෙයි
By Kanchana
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) රැළියකදී සිදු කළ ප්‍රකාශයක් අධිකරණයට අපහාසයක් වනවාද යන්න සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් නියෝගයකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඉදිරි දිනකදී විමල් වීරවංශ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් වේ.